පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදේශිකයන්ටද උම්රා වන්දනාව සඳහා අවසර දීමට සවුදි අරාබියේ අවධානය යොමුවී තිබෙනවා.
තෝරාගත් පිරිසකට පමණක් ඒ අනුව හෙට දිනයේ සිට ඊට අවසර දීමටයි නියමිතව ඇත්තේ.
කෙසේවෙතත් සවුදි අරාබිය විසින් දැනට සිය රටට ඇතුලුවීම අත්හිටුවා ඇති රටවල බැතිමතුන් සවුදි අරාබියට පැමිණීමෙන් පසු අනිවාර්ය නිරෝධායන කාලයකට යටත්ව උම්රා වන්දනාව සඳහා පිටත්ව යා යුතුයි.
දැනට උම්රා වන්දනාව සඳහා අවසර හිමිවී ඇත්තේ සවුදි ජාතිකයන්ට පමණයි.
