කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරටදී පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි දාහතරලක්ෂ හයදහස් තුන්සිය පනස් අට දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ ඊයේ (23) දිනයේදී තවත් පුද්ගලයින් අනූ නවදහස් පන්සිය තිස් දෙදෙනෙකුට දෙවන මාත්‍රාව ලබාදීමත් සමගයි.
ඊයේ දිනයේ මෙරටදී භාවිතයට ගෙන ඇති මුලු එන්නත් මාත්‍රා සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස් තුන්සිය පනස් තුනක්.
ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව 1213ක් – එහි දෙවන මාත්‍රාව තිස්පන්දහස් එකසිය අනූ අටක් – සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රා එක්ලක්ෂ හතලිස් අටදහස් අටසිය තුනක් සහ එහි දෙවන මාත්‍රාව තිස් එක්දහස් පන්සිය හතලිස් හතක් ඊයේ දිනයේදී එන්නත් කර තිබෙනවා.
ස්පුට්නික් – V එන්නතේ දෙවන මාත්‍රාව තිස් දෙදහස් හයසිය අසූ අටක් – ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 582ක් – එහි දෙවන මාත්‍රාව 55ක් – මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 226ක් සහ එහි දෙවන මාත්‍රාව 44ක් ඊයේ දින එන්නත් කර ඇති බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
ඊයේ දිනය වනවිට මෙරට තුළ භාවිතයට ගෙන ඇති මුලු කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව දෙකෝටි පනස් පන්ලක්ෂ අනූ දෙදහස් අටසිය හැත්තෑ අටක්.