පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවලට අදාළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පෙර ඇප මත මුදා හැර තිබෙනවා.
කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලයි නියෝගය ලබාදුන්නේ. නීතිපතිවරයා විසිනුයි චූදිතයන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ.
එය අද විභාගයට ගැණුනේ නාමල් බලල්ලේ / මොහොමඩ් ඉසදීන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරු මඩුල්ල හමුවේදීයි.
වැඩිදුර නඩු විභාගය ලබන 27 වනදා සිදුකිරීමට නියමිතයි.
