ඉන්දියානු පොහොරවලට ගෙවීම සඳහා රුපියල් කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට තැන්පත් කිරීමට තමන් බලපෑම් කර ඇති බවට සති අග පුවත්පතක පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය, අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අවධාරණය කරනවා.
එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු දන්වා සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.
මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව කැඳවා විධිමත් පුළුල් පරීක්ෂණයක් වහාම පවත්වන්නැයි ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
