බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන වෑන් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් 5 දෙනෙකු පදවිය ආරියදාසගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (26) මෙම වැටලීම කර ඇති අතර එහිදී ඇමෝනියා නයිට්රේට් කිලෝ 53ක් – සේවා නූල් අඩි 2192ක් – ජෙලට්නයිට් කූරු 178ක් – ගල් විදීමට යොදාගන්නා උපකරණයක් සැකකරුවන් සතුව තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් මැදවච්චිය හා කැකිරාව ප්‍රදේශවල පදිංචිකරුවන්. මොවුන් අද (27) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.