පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් හාලිඇල 07 කණුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
විදුලි ඩෙටනේටර් යැයි සැකකල හැකි උපකරණ 50 ක් හා වෝටර්ජෙල් යැයි සැකකල හැකි බහාලුම් 32 ක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්. ඔහු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.