පුද්ගලයෙකු පැහැරගෙනගොස් අයුතුලෙස සිරකර තබාගෙන බලහත්කාරයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුලු 3 දෙනෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් නිළධාරින් බව පවසමින් පැමිණී සැකකරුවන් කණ්ඩායම පසුගිය 21 වනදා මෙලෙස පැහැරගෙනගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මෝල වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
පසුව එම පුද්ගලයා මාබෝල ප්‍රදේශයේ නිවසක සිරකර තබාගෙන ඇති සැකකරුවන් අදාල පුද්ගලයාගේ නිවැසියන්ට දුරකථන ඇමතුමක් දී රුපියල් ලක්ෂයක මුදලක් පෞද්ගලික බැංකු ගිණුමක් වෙත තැන්පත් කරන ලෙස තර්ජනය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
රපියල් ලක්ෂයක මුදල අදාල බැංකු ගිණුමේ තැන්පත් කිරීමෙන් පසුව පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා අතට රුපියල් 1000ක් ලබා දී ඇති සැකකරුවන් පිරිස ඔහු මාබෝල ප්‍රදේශයේ මාර්ගයකට ගෙනවිත් දමා පලාගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මුදල් තැන්පත් කළ ගිණුම් හිමියා සහ ඇමතුම ලබා දුන් දුරකථන අංකය ඔස්සේ විමර්ශන කිරීමෙන් පසුව ඊයේ (29) මෙම සැකකරුවන් පිරිස ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.