පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව රජය පැවසුවත් ඒ සඳහා වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකක් පමණක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
මැතිවරණ කල් දැමීමට ගනු ලබන රජයේ සියළුම උත්සාහයන් පරාජය කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති පළාත් පාලන නියෝජිතයන් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ දෙවන දින අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සියලු කටයුතු සමගි ජන බලවේගය සුදානම් කරනවා. ඒ වගේම විශාල අපේක්ෂකයින් ප්‍රමාණයක් අප පක්ෂයෙන් තරග කරන්න ඉල්ලුම් පත්‍ර යොමු කර තිබෙනවා. ඉදිරි සතිය පුරාවට එම අය සම්මුඛ පරීක්ෂණවලට කැඳවා තිබෙනවා.
රජය අද මැතිවරණයට මුහුණ දෙන්න බයයි එය කල් දාන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා.
මැතිවරණය කල් දාන්න රජය කියන එක දෙයක් තමයි මුදල් නැහැ කියලා හැබැයි සීනි බදු වංචාවෙන් විතරක් අහිමි වෙච්ච මුදල අය කර ගන්න කියලා විඝනකාධිපති නිර්දේශ ලබා දී තිබෙනවා ඒ මුදලෙන් පහෙන් එකයි මැතිවරණයට වියදම් කරන්න අවශ්‍ය වන්නේ.ජනතාවගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ නිසා සමගි ජන බලවේගය විපක්ෂයේ සියලු කණ්ඩායම් සමග අපි අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා,මම, ජී එල් පීරිස් මහාචාර්යතුමා, සුමන්දිරන් මන්ත්‍රිතුමා, දයාසිරි ජයසේකර වැනි මන්ත්‍රීවරුන්ගෙන් කණ්ඩායමක් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණයේ දී විනිශ්චය මණ්ඩලය පැවසුවේ දැනටමත් මැතිවරණ කොමිසමට එය ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඒ අය නොතිබ්බොත් ලබන 18 වෙනිදා එය විභාගයට ගන්නවා. එසේනම් මේ මැතිවරණය පැවැත්වෙනවා. රටේ සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් අපි කටයුතු කරනවා. 2019 ජනාධිපතිවරණයෙත් 2020 මහමැතිවරණයේත් ජනතා වරම අද ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ජනතා මතයක් නැති ජනාධිපති කෙනෙක් අද ඉන්නේ. අපි සොයන්න ඕන ජනතා මතය ආණ්ඩුවට අපි කියනවා සල්ලි නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාත්‍යන්තර සංවිධාන මුදල් දෙන්න ලෑස්තියි ඒවගෙන් හරි ඉල්ලීමක් කරනවා මුදල් ලබා දෙන්න, ආණ්ඩුව අපි කියනවා මැතිවරණය පවත්වන්න.
සමහර පක්ෂ අද පුරාජේරු දොඩවනවා නමුත් මැතිවරණයට යන්න බයයි.3%ක් ගත්ත පක්ෂ මැතිවරණය ගැන කතා කරන්නේ නැහැ හේතුව ඒගොල්ලො මවාගෙන ඉන්න ලෝකය බිමට කඩාගෙන වැටෙන නිසා අපි දන්නවා නියම තත්ත්වය හෙළි වෙන නිසා මැතිවරණ වලට යන්න බයයි. සමගි ජන බලවේගය විදිහට ජනතාවගේ විශාල ඉල්ලුමක් අද අපිට තියෙනවා. අපේ නායකයා මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප නොකරපු එකම නායකයා. මැතිවරණවලදී පොදුජන පෙරමුණේ නායකයෝ ප්‍රතික්ෂේප කරලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය පෙතික්ෂේප කරලා ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණ වැඩිම ගත්තේ ඡන්ද ලක්ෂ හතරක් විතරයි එහෙනම් මේක අපි ජයග්‍රහණය කරන මැතිවරණයක් මේකෙන් තමයි තීරණය කරන්නේ ඉදිරි මහ මැතිවරණය.අපි රජයට කියනවා දැන් තියෙන්නේ දහයක් පමණයි වැඩිපුර මේ මැතිවරණය අපි ජයග්‍රහණය කරාට පසුව ඒ 10 ආණ්ඩුවෙන් ගැලවෙනවා. එසේනම් ලබන වර්ෂය මැතිවරණ වර්ෂයක් මෙම නිසා මේ මැතිවරණය අපි දිනනවා අනිවාර්යෙන්ම ඒ වෙනුවෙන් විශාල කණ්ඩායම් අපට එකතු වෙමින් තිබෙනවා. ඒ වගේම රට විනාශ කරපු ජනතාව බඩගින්නෙ තියපු රටේ ආර්ථිකය වට්ටපු රට බංකොලොත් කරපු පිරිස අයින් කරලා දාලා නව පාලනයක් පිහිටුවන්න අපි කටයුතු කරනවා.
දැනට තේරීම්භාර නිලධාරී විදිහට දිස්ත්‍රික් ලේකම් සහ දිසාපතිවරු පත්කරලා තියෙනවා අපිට ආරංචි වෙනවා ඒ අයගෙන් වාර්තාවක් ගෙන්වාගෙන මැතිවරණය කල් දාන්න උත්සාහ කරනවා කියලා එය නිලධාරි මහත්වරුන්ටත් අපි කියනවා මහ ජනතාවගෙන් පඩි ලබන උදවිය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා.
මැතිවරණයට නාම යෝජනා අරගෙන එය කල් දාන්න රජය උත්සහ කරන බවට ආරංචි වෙනවා. නමුත් මම කියන්නේ කලින් අවස්ථාවල ආණ්ඩු ඔය වැඩේ කළා. නමුත් අධිකරණයට ගියාම කල්දාන්න බැහැ කිවුවා. මේ අවස්ථාවේදීත් ආණ්ඩුව ඒ වැඩේ කලොත් අපි 18 වෙනිදා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා මැතිවරණය තියන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ නිසා බයවෙන්න එපා ඕන නම් පොඩි ප්‍රමාදයක් වේවි නමුත් මැතිවරණ කල් දාන්න බැහැ ඡන්ද අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් එය ව්‍යවස්ථාවේ සටහන් වෙලා තියෙනවා නඩු තීන්දු ගණනාවක් තියෙනවා විවිධ ආණ්ඩු මැතිවරණ කල් දාන්න හදලා ලැජ්ජාවට පත්වුණ.මම හිතන්නේ නැහැ ආණ්ඩුව ඒ වගේ පියවරක් ගනීවි කියලා මොකද ඡන්දෙ කල් දාලා අධිකරණයෙන් කිව්වොත් ඡන්ද තියන්න කියලා ආණ්ඩුවට විශාල පරාජයක් ලැබෙනවට කිසිම සැකයක් නැහැ.
මේ ප්‍රාදේශීය සභා දැන් කල් ඉකුත් වූ භාණ්ඩ වගේ අවුරුදු පහක් ආණ්ඩුවත්, පාර්ලිමේන්තුවත් expire වෙලා බලෙන් අල්ලගෙන ඉන්නවා කිසිම ජනමතයක් නැහැ. ඒ නිසා අලුත් ජනමතයක් රටට අවශ්‍යයි. අලුත් ප්‍රාදේශීය සභා සහ පාර්ලිමේන්තුවක් පත් වුනොත් අලුත් ආණ්ඩුවකට විතරයි ජාත්‍යන්තරයත් සමග ගණුදෙනු කරන්න පුළුවන්. මොකද මේ ආණ්ඩුව ගැන සත පහක විශ්වාසයක් ජාත්‍යන්තරයට නැහැ. මේ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙනවා. රට බංකොලොත් කරලා තියෙනවා. ඒ වගේම දැන් බලයට පොරකන නායකයෝ අතහදා බැලීම් කරල තියනවා. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි තවමත් අත්හදා බලා නැත්තේ නායකයෙක් හැටියට. අනිවාර්යෙන්ම එතුමාට විශාල රැල්ලක් තියෙනවා රට පුරා ඒ බව සමීක්ෂණ වලින් ඔප්පු වෙනවා මේ මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ඒ අවුරුද්ද තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් අනිවාර්යෙන්ම ලබාගන්න පුළුවන්.
ඒ වගේම මේ දිනවල විදුලි බිල සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න මතුවෙලා. එහිදී කියන්න ඕන විදුලිබල ඇමතිවරයාට බලයක් නැහැ විදුලි බිල වැඩි කරන්න. ඒක එතුමා තේරුම් ගත යුතුයි .මම එතුමාට එය පාර්ලිමේන්තුවේ දී කිව්වා විදුලි බිල වැඩි කරන්න අයිතියක් නැහැ එය අයිතිය තියෙන්නෙ මහජන උපයෝගිතා කොමිසමට ඒක තේරුම් ගන්න ඕන. ඇමතිවරයා මුලින්ම පනත කියවන්න ඕන.මම අභියෝගයක් කරනවා විදුලි බිල වැඩි කිරීමට එතුමාට බලය තියෙන වගන්තිය පෙන්නන්න කියලා.
පා.ම.හර්ෂණ රාජකරුණා මහතා.
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත් පොහොට්ටුවත් දැනටමත් පරාජය පිළිගෙන තියෙන්නේ. මැතිවරණයක් එන එකට බයයි. එය වලක්වන්න එක එක ගුණ්ඩු දානවා හැබැයි මේ රටේ ජනතාව බලාගෙන ඉන්නෙ මේ දෙකම එකට එකතු කරල පරද්දන්න දැන් ඒගොල්ලෝ කියනවා එකට ඡන්දෙ ඉල්ලනවා කියලා ඔවුන් රටේ ජනතාව ආසාවෙන් ඉන්නේ දෙකම එක සැරේ පරද්දන්න.
