පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් පමණ මේ වනවිට මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පවසයි.
ඇය සඳහන් කළේ, මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදීම ලැබුණහොත් දින 4 ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ හැකි බවයි.
ආයතනයට අවශ්‍ය ආරක්ෂාව නොමැති බව ඇය පැවසීය.
පොලිස් නිලධාරීන් 3 දෙනෙකු පමණක් ඊයේ (15) දිනයේ ලබා දුන් බව ද ඇය සඳහන් කළා ය.
එහෙත් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු පමණ අවශ්‍ය බව ගංගානි කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළා ය.
