පෞද්ගලික ආයතන යටතේ සිදුකරන පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සඳහා රජය විසින් නියම කල උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල් 6,500 ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම ගාස්තුව ලෙස රුපියල් 2,000 ක මුදලකුත් එමගින් නියම කර තිබෙනවා.
මෙම මිල ගණන් ඊයේ පස්වරුවේ සිට ක්රියාත්මක වන අතර ඊට වැඩි මිල ගණන් අයකරනු ලබන්නේ නම් 1977 දුරකථන අංකයට දන්වන මෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්ය අමාත්යංශය දන්වා සිටිනවා.