අද සිට දින 50 ක කාලයක් සදහා සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කලබව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා.
කෙසේවෙතත් මෙම තීරණය හරහා රටතුල ඉන්ධන හිගයක් ඇති වීමේ කිසිදු අවධානමක් නොමැති බවද අමත්‍යවරයා තහවුරු කලා.
රටතුල දැනට පවතින විදේශ විනිමට අර්බුධයට විසදුමක් ලබා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි උදය ගම්මන්පිල මහතා එහිදී අවධාරණය කලේ.