ටොංගා දූපත් හි හටගත් සුනාමි තත්වය හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ හටගෙන තිබූ සුනාමි අවධානම පහව ගොස් තිබෙනවා.
කෙසේවෙතත් රටවල් කිහිපයක වෙරළාසන්න ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි පැසිෆික් සුනාමි අනතුරු ඇගවීම් මධ්‍යස්ථානය දන්වා සිටින්නේ.
මේ අනුව අමෙරිකාව – ජපානය – ඔස්ටේ්‍රලියාව – ෆිජී ඇතුලු රටවල් රැසකට නිකුත් කර තිබූ සුනාමි අවධානම් නිවේදනද ඉවත් කර තිබෙනවා.
සාගර පත්ලේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ඊයේ හටගත් සුනාමි තත්වය හමුවේ ටොංගා රාජ්‍යයේ සිදුවූ පුද්ගල හෝ ජිවිත හානි පිළිබඳ නිල තොරතුරු කිසිවක් මේ දක්වා වාර්තා වී නැහැ.