එළඹෙන 03 වෙනිදා පැවැත්වීමට නියමිත දෙමව්පියන්ගේ උද්ඝෝෂණය කිසිලෙසකින් හෝ නීති විරෝධී කටයුක්තක් නොවන බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා .
ඇතැම් පාර්ශව විසින් මෙම දෙමව්පිය උද්ඝෝෂණය නිතී විරෝධි බවටත් එය රාජ්‍ය සේවයට අගෞරවයක් බවටත් පවසමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් ඒ කිසිවකට බිය නොවන ලෙසත් එම සංගමය දෙමව්පියන්ට අවධාරණය කරනවා.
අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මෙම අදහස් පළකලා.
මේ අතර ලබන 08 වෙනිදා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීම සම්බන්ධව පැතිර යන තොරතුරේ සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන්ද මහින්ද ජයසිංහ මහතා මෙලෙස කරුණු පැහැදිලි කලා.