ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10ක සහන කාලයක් යෝජනා කිරීමට පැරිස් සමාජයේ රටවල් එකඟත්වය පළ කර තිබේ.
ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ වාර්තාවක දැක්වෙන්නේ, ණය තහනමට අමතරව පැරිස් සමාජය විසින් ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය විසඳීම සඳහා වසර 15ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ද යෝජනා කර ඇති බවය.
