ඔක්තෝම්බර් පලමුවැනිදා රට විවෘත කිරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.
මින් පෙර නිකුත්කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වල අන්තර්ගත කරුණුද වර්තමානයට වලංගු බවයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
පැය 3 කින් පී සී ආර් පරීක්ෂණ වාර්තා ලබාගැනිමට හැකි පරිදි කටුනායක ගුවන් තොටුපලේ ස්ථාපිත කළ පරීක්ෂණාගාරයේ මෙහෙයුම් නවතා දමා ඇතිදැයි මාධ්‍යවෙිදින් මෙහිදී ප්‍රශ්ණ කළා.
වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කලේ එය නියමු ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාවට නැංවෙන බවයි.
මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති වරින් වර ක්‍රියාත්මක කරන වැඩ වර්ජන පිළිබදවද මෙහිදි අදහස් පළවුනා.