ගෝල්ීය තත්වය හමුවේ මෙරටට පෞද්ගලික ආයතන ආනයනය කෙරෙන යූරියා පොහොර මිටියක මිළ රුපියල් දස දහසකට ආසන්න වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මෙරට පළමු කාබනික කෘෂි කළාපය වන නකල්ස් පෝෂණ කළාපය ස්ථාපිත කිරිමේ වැඩපිළිවෙල පිළිබද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා.
ඉන්දියාවෙන් මෙරටට පොහොර ආනයනය කිරිමේදි මිළ ගණන් අතර විශාල පරස්පරතාවක් පවතින බවයි විවාදයට එක්වු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ.
එක්වරම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර පැය 24 න් කාබනික ගොවිතැන කළ හැකි බවට තමා කිසිදිනක යෝජනා කර නැතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි අවධාරණය කළා.
කෘෂිකර්මාන්තය සම්බන්ධව හටගත් අර්බුදකාරී තත්වයේදි ආණ්ඩුවේ ඇතැම් පිරිස් පවා තමාට පදනම් විරහිත චෝදනා එල්ල කළ බවයි උන්වහන්සේ සිහිපත් කළේ.
