ඉදිරියේදී පැය 15 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි එක්තරා දේශපාලන අධිකාරියක් පසුගියදා කල ප්‍රකාශය පදනම් විරහිත බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ අදාළ දේශපාලනඥයන් කවුරුන්ගේ උපදෙස් ගෙන එවැනි ප්‍රකාශ කරන්නේදැයි නොදන්නා බවයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල වේලාවන් වලදී සහ විභාගය පැවැත්වෙන හෙට සිට ජූනි 01 වෙනිදා දක්වා පස්වරු 06.30 න් පසුව කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
අද පස්වරුවේ කැදවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදී කොමිසසේ සභාපති ජනක රත්නායක මහතා මේ බව නිවේදනය කලා.
මේ අතර නොරොච්චෝලේ බලාගාරයෙන් අහිමිව ගිය මෙගාවොට් 260 ක විදුලිය ප්‍රමාණයක් හෙට සිට නැවත ජාතික විදුලි පද්ධතියට එකතු කරන බවද ජනක රත්නායක මහතා එහිදී සදහන් කලා.