2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් හට ආධාර වශයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් යුරෝ 100,000 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
එය බෙදා දීම කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ සහ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ දී හෙට සහ අනිද්දා දෙදින සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව හෙට පෙරවරු 10.00 ට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දීත් – අනිද්දා පෙරවරු 10.00 ට කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදීත් අදාළ උත්සව පැවැත්වීමට නියමිතයි.
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩයිග්වේ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
