පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කල ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හෙළිදරව් වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දින 30 ක් ඇතුළත සාධාරණ පිළිතුරක් ලබාදෙන ලෙස ඉල්ලමින් ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව යොමුකළ ලිපියට සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමට ජනාධිපතිවරයා අපොහොසත්වී ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා.
අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ. ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියට අදට දින 30 ක් සම්පූර්ණ වනවා.
එම ලිපියට ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් ප්‍රතිචාර ලිපියක් එවා ඇතත් එමගින් සැහීමකට පත්විය නොහැකි බවයි අද පැවති මාධ්‍ය හමුවේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දුන්නේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශණ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවෙන්ද සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවයි කාදිනල් හිමිපාණන් සදහන් කළේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණවලට අදාලව ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂාවෙන් සිටින බවත් ඒ වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත විශේෂ ලිපියක් යොමුකර ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී ප්‍රකාශ කළා.
