මෙරට ඉතිහාසයයේ දරුණුතම ඛේදවාචකයක් ලෙසින් සැලකෙන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදට දින 1000 ක් සපිරෙනවා.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා මෙරට කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමිනුයි පාස්කු ප්‍රහාර මාලාව එල්ලවුනේ.
ඉන් පුද්ගලයින් 268 කට අධික පිරිසක් මිය ගිය අතර 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.
පාස්කු ඉරිදා ප්‍රහාර මාළාවෙන් මියගිය පිරිස සිහිපත් කරමින් විශේෂ දේවමෙහෙයක් අද පෙරවරුවේ රාගම, තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුනා.
ඒ කොළඹ අගරදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව පැහැදිලි බවයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී පෙන්වා දුන්නේ.
ඒ පිළිබද සොයා බැලු පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ කොටස් කිහිපයක්ද කාදිනල් හිමි මෙලෙස උපුටා දැක්වුවා.
පොලිස්පතිවරයාට හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට කාදිනල් හිමි දැඩි විවේදනයක් එල්ල කළා.
බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබි පසුගිය දිනක බෝම්බයක් හමුවිමේ සිද්ධියට අදාලව පොලිසිය ක්‍රියාත්මක කළ විමර්ශණවල දුර්වලතා රැසක් පවතින බවයි කොළඹ අගරදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ.