පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කල ජනාධිපති කොමිෂන් වාර්තාවේ වෙලුම් 22 සමගි ජන බලවේගයේ රජයක් යටතේ ප්‍රසිද්ධියට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.
වසර 03 ක් යනතුරු පාස්කු ප්‍රහාරයේ සුල මුල සොයාගත නොහැකි ආණ්ඩුව අසමත් නැතැයි ප්‍රකාශ කල හැකි වනුයේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රශ්න කර සිටියා.
2025 වසර වනවිට රාජ්‍ය ආයතනවලින් සියයට 50 ක හෝ කඩදාසි භාවිතය අවම කිරීම රජයේ ඉලක්කයක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද විවාදයේදී සඳහන් කලා.
රාජ්‍ය සම්පත් අලෙවි නොකරන බවට ප්‍රතිඥා දී පැමිණි ආණ්ඩුව අද වනවිට එම ප්‍රතිපත්ති මුලුමනින්ම කඩකර ඇති බවටයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කලේ.