පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශණ රජය විසින් ප්‍රමාද කරන බවක් පෙනීයන බව ලංකා සභාවේ කුරුණෑගල රදගුරු කිත්සිරි ප්‍රනාන්දු රදගුරුතුමන් පවසනවා.
ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් රදගුරුතුමන් මේ බව කියා සිටියා.
පාස්කු ප්‍රහාරයේ මන්දගාමී විමර්ශණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවට පත්වන බවයි කිත්සිරි ප්‍රනාන්දු රදගුරුතුමන් එහිදී කියා සිටියේ.