පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 735 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් විශාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිසෙන් 196 දෙනෙක් තවදුරටත් රැදවුම් නියෝග යටතේ ප්‍රශ්ණ කිරීම් සිදුකරන බවද ඔහු සදහන් කලා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් 81 දෙනෙක්ට මේ වනවිට නඩු පවරා තිබෙන අතර 493 දෙනෙක් ඇපමත මුදාහැර තිබෙනවා.
ආරක්ෂක ලේකම් විශාමික ජනරාල් කමල් ගුණරත්න මහතා මේ බව තහවුරු කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
