පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණ කඩිනම්ව හා නිසි පරිදි ඉටු විය යුතු බව සමගි ජන බලවේගෙයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අවධාරණය කරනවා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්ධනයට ආණ්ඩුව උත්සහ නොදැරිය යුතු බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ.
ආණ්ඩුව විසින් රටේ සෑම අංශයක්ම අස්ථාවාර කර ඇතැයිද හෙක්ටර් අප්පුහාමි මහතා චෝදනා කළා.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශණය කළ ජනාධිපති විමර්ශණ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන්ද හෙක්ටර් අප්පුහාමි මහතා කරුණු ඉදිරිපත් කළා.