පාස්කු ප්රහාරයේ කුමන්ත්රණකරුවන් හෙළිදරව් වෙමින් ඇතැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවා.
එවැනි පුද්ගලයන්ට බලය ලබාගත හැකි වුවත් බලය පාලනයට හෝ රැකගැනීමට හැකියාවක් නොමැති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා මේ වනවිට මීගමුවේ පැවැත්වෙන විරෝධතාවයකට සහභාගීවෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළකලා.
