පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
මෙලෙස වෙඩිවැදී ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් සිසුවෙකුටය.
පාසල් සිසුන් පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට යෑමේදී තිහගොඩ පොලීසියේ නිලධාරියෙකුගේ පිස්තෝල අවිය ක්‍රියාත්මකවීමෙන් සිසුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර අත්අඩංගුවට ගෙන ඇත.
