වයස අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා.
ඒ සඳහා ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
සැප්තැම්බර් මස 15 වන දින වන විට වයස අවුරුදු 30 ට වැඩි පිරිසට එන්නත්කරණය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කලා.
කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ස්ථාපනය කල ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.
වයස අවුරුදු 18 ත් 30 අතර පිරිසට එන්නත්කරණයට අවශ්‍ය සියලූ සැලසුම් සකස් කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබූ වහාම එය ක්‍රියාත්මක කරන බව ද ලලිත් වීරතුංග මහතා සඳහන් කලා.
