පාසල් මුරකරුවන් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවීමේ සූදානමක් පවතින බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අවධාරණය කරනවා.
පාසල් මුරකරුවන් සදහා ලබා දෙන අතිකාල දීමනා ගෙවීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක් සැළසුම්කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලරක්ත මහතා මහනුවරදී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ දැනට අතිකාල දීමනා නොලැබුණු පාසල් මුරකරුවන් 6800 කට ආසන්න පිරිසක් සිටින බවයි.
