සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඖෂධ වර්ග 60 කට උපරිම සිල්ලර මිලක්

    ඖෂධ මිල ජුනි 15 වනදා සිට 16% කින් පහළට

    කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

    මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට

    විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි

    වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    දේවගැති ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ඖෂධ වර්ග 60 කට උපරිම සිල්ලර මිලක්

    ඖෂධ මිල ජුනි 15 වනදා සිට 16% කින් පහළට

    කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

    මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට

    විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

    මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි

    වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    දේවගැති ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

පාසල් දියණියන්ට නොමිලේ සනීපාරක්ෂක ද්‍රව්‍ය පිරිනැමීමේ දෙවැනි අදියර ඇරඹෙයි

Admin by Admin
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
පාසල් දියණියන්ට නොමිලේ සනීපාරක්ෂක ද්‍රව්‍ය පිරිනැමීමේ දෙවැනි අදියර ඇරඹෙයි
0
SHARES
31
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අපේ රටේත් තීරණාත්මක පිරිස බවට පත්වෙලා ඉන්නෙ කාන්තාවෝ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම -2022ට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අද (08) පෙරවරුවේ මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම පැවැත්විණි.

දිරියෙන් නැගී සිටින කාන්තාවන් අගය කිරීම උදෙසා සංවිධානය කළ කාන්තා නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවි පොළ මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

වී-භාෂා තේමාවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුගත අයුරින් විදේශීය භාෂා 10ක් පාසල් දරුවන්ට හඳුන්වා දීමේ වැඩසටහනේ සමාරම්භය ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී සිදුවිය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද මෙම අවස්ථාවට එක්විය.

දියණිය වැඩසටහන යටතේ නොමිලේ පාසල් දියණියන්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය පිරිනැමීමේ දෙවැනි අදියර ක්‍රියාවට නැංවීම ද අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් මෙහි දී සංකේතාත්මකව ආරම්භ විය.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම අර්ථවත් දෙසුම් හා විචිත්‍රවත් අංගවලින් සමන්විත විය.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පුජකතුමන්ලා ද මෙම ජාතික සැමරුම හා එක්ව සිටියහ.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම -2022ට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

නොයෙක් ආකාරයේ ප්‍රශ්න මැද්දේ වුණත් අද අපි ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න අමතක කරන්නෙ නෑ. අපි විතරක් නොවෙයි ලෝකයේ බොහොමයක් රටවල් නොයෙක් බරපතල ප්‍රශ්නවලට මුහුණ දීලා සිටියත් මේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න අමතක කරලා නෑ. ඒ ගැන අපි ඉතාම සතුටු වෙනවා.

සහෝදරියනි,

මේ ජාත්‍යන්තර කාන්තා දිනයේ, මම කැමැතියි අපේ රටට වාගේම මගේ දේශපාලන ජීවිතයටත් විශාල ආදර්ශයක් ලැබුණු කාන්තාවක් ගැන මතක් කරන්න. එතුමිය තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය.

මම 1970 ලංකාවේ ලාබාලම මන්ත්‍රීවරයා හැටියට පාර්ලිමේන්තුවට යන කොට මගේ නායිකාව වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි.

එතුමිය තමයි මම දේශපාලනයේ දැක්ක නිර්භීතම නායිකාව. ඒ වාගේම රටට ආදරේ, ජාතික හැඟීමක්, දේශීය හැඟීමක් ඇතිව රට මෙහෙයවපු නායිකාව. ලංකාවේ තිබුණ විදේශයන් සතු කොම්පැණි ජනසතු කළා. එදා ඒක ලොකු නිර්භීත පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්. විදේශ කොම්පැණි සතුව තිබුණ වතු ජනසතු කළා. එහෙම කරලා නතර කළේ නෑ.

එතුමිය සිය රට දේ සිරිසැප දේ කියලා අපේ රටේ දේශීය ආර්ථිකය ගොඩනගන්න නිර්භීතව වැඩ කළා. ලංකාව ගොවිතැනින් ස්වයංපෝෂණය කරන්න දේශීය කර්මාන්ත දියුණු කරන්න දැවැන්ත අධිෂ්ඨානයකින් වැඩ කළ නායිකාව තමයි සිරිමාවෝ මැතිනිය. මම හිතනවා ඒ තමයි ලංකාවේ ගෑනුකම.

රට ස්වයංපෝෂණය කරන්න දේශීය ආර්ථිකයක් ගොඩ නගන්න කැප වෙලා නිර්භීතව වැඩ කරනකොට එදා එතුමියට විශාල විවේචනවලට වාගේම අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අද වාගේම තමයි. දේශීය ආර්ථිකයක් ගොඩනගන්න කහ පැලේ ඉඳන් අපේ දේ අපි හදාගන්න හදනකොට ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මුහුණ දුන්න අභියෝග ප්‍රශ්න සියල්ලට අපිත් මුහුණ දෙනවා. අපි දන්නවා අපේ රටේ කාන්තාවන් ප්‍රාර්ථනා කරන දේවල්, කාන්තාවන් රටේ ස්වාධීනත්වය ගැන හිතන විදිය. ඒ අයගෙ ප්‍රාර්ථනා ඉටු කරන්න ඕනෑ.

සහෝදරියනි,

ලෝකෙම පිළිගත්ත එක දෙයක් තමයි කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය යුද්ධය බව. යුද්දෙ නිසා කාන්තාවන්ට තමයි වැඩිපුරම වේදනා විඳින්න වෙන්නෙ.

යුක්රේනය, රුසියාව ගහගත්තත් අමෙරිකාව, ඉරාකය ගහ ගත්තත් වැඩිපුරම විඳවන්නේ කාන්තාව.

ඒ වගේ අන්ත තත්ත්වයක් තමයි වසර තිහක් තිස්සේ ලංකාවෙත් තිබුණේ. උතුරේ දැරිවියන්ව බලෙන් කොටි යුද්දෙට ඇදගෙන ගියා. යුද්දෙට ගිය අයගෙ බිරින්දෑවරු දහස් ගණනක් වැන්දඹුවො වුණා.        හැමදාම දකුණේ කොහේ හෝ ගෙදරකට උතුරේ යුද්දෙන් මිය ගිය තරුණයකුගෙ මිනියක් ගේනවා. උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල කාන්තාවෝ දහස් ගණන් මර බයේ ජීවත් වුණා.

වසර තිහක් දුක් විඳපු කාන්තාවන් තමයි යුද්දෙ නිමා වුණහම වැඩිපුරම සතුටු වුණේ. අපේ රටේ යුද්ධය ඉවර කිරීම තමයි උපන්  නූපන් කාන්තාවන්ට කරන්න පුළුවන් වුන ලොකුම සේවය. ඒ බව මම ඉතාම ආඩම්බරයෙන් කියන්න ඕනෑ.

නමුත් පාස්කු ප්‍රහාරයත් එක්ක අපේ රටේ කාන්තාවන්ට එබදු බයක් ආයෙත් ඇති වුණා. නමුත් ජාතික ආරක්ෂාව තහවුරු කරලා ආයෙත් එබදු බයක් කාන්තාවන්ට උදා නොවෙන්න වග බලාගෙන තිබෙන බවත් මම කියන්න ඕනෑ.

සොහොයුරියනි,

අපි දන්නවා ලෝකෙ වාගේම අපේ රටේත් කාන්තාවන් හැම ක්ෂේත්‍රයකම වේගයෙන් ඉදිරියට එන බව. අපේ රටේත් තීරණාත්මක පිරිස බවට පත්වෙලා ඉන්නෙ කාන්තාවො.

කොරෝනා අර්බුදය නිසා කාන්තාවන්ට විදේශගතවීම නතර කරන්න වුණා. අද ඇති වෙලා තියෙන ඩොලර් අර්බුදයට ඒ නතරවීමත් එක ප්‍රශ්නයක්.

 ඇඟලුම්වලින්, තේ දල්ලෙන් මේ රටට ඩොලර් ගෙනාවේ කාන්තාවන්. අපි වතුකරේ පඩිය වැඩි කළහම ඒකෙන් වැඩිපුරම ප්‍රතිලාබ ලබන්නේ කාන්තාවන්.

ඇඟලුම් කර්මාන්ත ශාලා විවෘත කළොත් ඒකෙන් වැඩිපුරම ප්‍රතිඵල ලබන්නේ කාන්තාවො. ඒ විතරක් නොවෙයි අද විශ්වවිද්‍යාලවලට වැඩිපුරම ඇතුළත් වෙන්නේ කාන්තාවො බව පේනවා.

මේ උත්සවයෙන් පස්සේ කාන්තා පාසල් 08ක් සහ මිශ්‍ර පාසල් 02 ක් ජාතික පාසල් කරන උත්සවයකටත් මම සහභාගී වෙනවා. අපේ දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමතිතුමා, රාජ්‍ය අමාත්‍යතුමන්ලාත් ඒ සියල්ල කරන්නෙත් කාන්තා දිනයට සමගාමීව බව කියන්න ඕනෙ. මේ හැමදේම කරන්නෙත් මේ රටේ කාන්තාවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි.

අපි අද බොහොම අසීරු තත්ත්වයක ඉන්න බව අපි පිළිගන්නවා. විදුලිය, ඩීසල්, ගෑස් හිඟ වෙනකොට අපේ රටේ කාන්තාවො දුක්විඳින බව අපි දන්නවා.

මේ ළඟදි ජනාධිපතිතුමාගෙ ගෙදර ඉස්සරහට ගිය කාන්තාවක් මේ ගැන එතුමා දන්නවද කියලා ඇහුවා. කවුරුවත් කියන්න ඕන නෑ ජනාධිපතිතුමා ඒ ගැන දන්නවා.

මට මතකයි දෙවැනි කොරෝනා රැල්ල වෙලාවේ ඔය කට්ටිය ජනාධිපතිතුමාට බල කළා රට වහන්න කියලා. වැහුවෙ නැත්නම් ස්වයං ලොක්ඩවුන් කර ගන්නවා කිව්වා. එහෙම රටක් මාස ගණනක් වැහුවාම ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටෙන බව වහන්න කියපු අය දැනගෙන හිටියා.

රට වහලා ගාමන්ට් ඇරල තියෙනකොට ගාමන්ට් වහන්න ගාමන්ට් පොකුරක් හැදෙයි කියලා ඒකත් වහන්න ඒ අය බලපෑම් කළා. එදා රට වැහුවාම මීට වඩා ජනතාවට විපාක විඳින්න සිද්ධ වෙන බව ජාතිය අමතලා කියලා තමයි ජනාධිපතිතුමා රට වැහුවේ. නමුත් අද ඒක ඇත්ත වෙලා තියෙනවා. අද රට වහන්න කියපු අය කවුරුවත් දුක් විඳින ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ.

ඒ විතරක් නොවෙයි අපිව පරාද කරලා 2015 ගෙදර යැව්වා. ඒ වෙනකොට අපි නොරොච්චෝලෙ ඇතුළු විදුලි බලාගාර ගණනාවක් අවුරුදු අටක් තුළ ඉදි කරලයි ගෙදර ගියේ.

නමුත් 2015 ඉඳන් යහපාලන ආණ්ඩුව එක මෙගාවොට් එකක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කළේ නෑ. එහෙම අය අද පන්දම් අරගෙන විදුලි කප්පාදුවට එරෙහිව පෙළපාළි යනවා. ඒ යන කාටවත් මතක නෑ එක මෙගාවොට් එකක්වත් ඒ ගොල්ලො එකතු කළේ නැති බව.

ආදරණීය සොයුරියනි,

මේ තිබෙන දුෂ්කරතා විතරක් නොවෙයි, ඒවා ඇති වීමට බලපෑ හේතුත් තේරුම් ගන්න. අපි පක්ෂ භේදයක් නැතිව මේ ගැන හිතමු. මේ දුෂ්කර අවස්ථාවේ ඉවසීමෙන් වැඩ කරමු.

ඔබ සැමට තෙරුවන් සරණයි!යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත,විමලවීර දිසානායක මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රටවල් කිහිපයක තානාපතිවරු ඇතුළු නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රියානි ධම්මිකා කුමාරි ජයසේකර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීහු සහ කාන්තාවෝ රැසක් එක්ව සිටියහ.

Admin
Tags: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂජාත්‍යන්තර කාන්තා දිනයශිරන්ති වික්‍රමසිංහ
Previous Post

“රටපුරා ඇති පෝළිම් මේ ආණ්ඩුවේ සලකුණයි”

Next Post

පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි වීමට අයදුම්පත්‍ර 76 ක්

Admin

Admin

Related Posts

ඖෂධ වර්ග 60 කට උපරිම සිල්ලර මිලක්
දේශීය

ඖෂධ මිල ජුනි 15 වනදා සිට 16% කින් පහළට

by Editor
June 5, 2023
කාළගුණය

කලුතර දිස්ත්‍රික්කයට අද රාත්‍රියේ ඉතා තද වැසි

by Editor
June 5, 2023
මැතිවරණය කල්දැමීමේ රජයේ තීරණයට එරෙහිව විපක්ෂයේ පක්ෂ අවබෝධතා ගිවිසුමකට
දේශීය

විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂය ඒකමතිකව තීරණය කරයි

by Editor
June 5, 2023
සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්
දේශීය

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක්

by Editor
June 5, 2023
මට්ටක්කුලියේ දී වෙඩි පහරට ලක්වූ තරුණයා මිය යයි
දේශීය

වැඩ භාරගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

by Editor
June 5, 2023
Next Post
ගම්පහට එකක් අඩුවෙයි – යාපනයට එකක් වැඩිවෙයි

පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි වීමට අයදුම්පත්‍ර 76 ක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In