යළි ආරම්භ කෙරුණු ඇතැම් පාසල් සම්බන්ධයෙන් සෞඛ්‍ය පැමිණිලි ගණනාවක් ලැබි ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ පාසල් දරුවන් සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදිය යුතු බවයි.
එසේ නොවුනහොත් පාසල් තුල කොරෝනා වසංගතය ව්‍යාප්ත වි දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බාධා මතුවන ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.