ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හමුවේ ඉදිරි පැය 06 ක කාලය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සුලු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
ඒ අනුව බුලත්සිංහල – මෝල්කාව පාර – වරකාගොඩ – කළවැල්ලාව පාර – නාළියද්ද – දබල පාර ඇතුලු මාර්ග ජලයෙන් යටවීමේ අවධානමක්ද පවතිනවා.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ප්‍රදේශවාසීන්ගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.
