සතොස ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී අමාත්‍යවරුන් විසින් බලපෑම් කළ බවට පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු විසින් කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) දින පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා කර ඇති ප්‍රකාශය අසත්‍යයක් බැවින් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකරන මෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි බන්දුල ගුණවර්ධන මහතා අද මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කලේ.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.