දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හමුවේ ප්‍රදේශ රැසක විදුලිය සැපයුම බිදවැටී තිබෙනවා.
අද (09) උදාසන වනවිට විදුලි පාරිභෝගිකයින් දෙලක්ෂ විසිදහසකට පමණ මෙලෙස විදුලිය සැපයුම ඇණහිට ඇති බවයි විදුලිබල අමාත්‍යංයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.
බිදවැටීම් සිදුව ඇති ප්‍රදේශවල විදුලිය සැපයුම යථා තත්වයට පත්කිරීමේ කටයුතු මේවනවිටත් සිදුකරන බවද ඔහු සදහන් කළා.