කොවිඩ් මර්ධනයට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව සමගිජනබලවේගය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ පවතින තත්වය හමුවේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාකර ගැනීමට ආණ්ඩුව නිවැරදි තීරණ ගතයුතු බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භාවිතාකරමින් විපක්ෂය විසින් අසත්‍ය තොරතුරු පතුරවන බවට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා චෝදනා කළා.
පොලිස් මූල්‍ය විමර්ශන අපරාධ කොමිසම සම්බන්ධයෙන්ද ඊයේ පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් පළවුණා. මේ එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා.
ඒ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා කියා සිටියේ රජය දේපළ සදහා මූල්‍ය අපරාධ සිදුවී ඇත්නම් පක්ෂ භේදයකින් තොරව තරාතිරම් නොබලා කටයුතුකළ යුතු බවයි.
නිරෝධායන රීති මුල් කරගනිමින් ජනතාව මෙහෙයවන උද්ඝෝෂණ ව්‍යාපාර මැඩපැවැත්වීමට කටයුතු නොකරන ලෙසද මෙම විවාදයේදී අදහස් දක්වමින් සමගිජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉල්ලීමක් කළා.