කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමීපතමයන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධතියද පරික්ෂා කරන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කලේ.
අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ / පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක තිස්ස කුට්ටිආරච්චි – රෝහණ දිසානායක සහ දිලිප් වෙද ආරච්චි යන මහත්වරුන්ට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඉන් මහින්දානන්ද අලූත්ගමගේ සහ ජානක තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ එකදු රැස්වීමකට හෝ පැමිණ තිබුණේ නැහැ.
රෝහණ දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පසුගිය අගහරුවාදා දිනයේදී පමණයි.
දිලිප් වෙදආරච්චි මහතා දින දෙකක් පාර්ලිමේන්තුවට පැමිණ ඇතැයි සඳහන්.
කෙසේවෙතත් දැනට සිදුකර ඇති පරීක්ෂා අනුව ඔවුන් දෙදෙනාගෙන් ඇති අවධානම ඉතා අවම මට්ටමක පවතින බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියාසිටියේ.
