අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු පිරිස ඇප මත මුදා හැර තිබේ.
ඒ, එක් අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප මතයි.
නැවත එවැනි විරෝධතාවල නිරත වුවහොත් ඇප අවලංගු කරන බවට යාපනය මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළා ය.
යාපනය බස් නැවතුම්පොළ අසළදී ඔවුන් ඊයේ පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණේ, ජනාධිපතිවරයාට විරෝධය පළ කරමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග විරෝධතාවයේ නිරත වූ 18 දෙනෙකු එහිදී පොලිස් අත්අඩංගුවට පත්විය.
