පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන දැන්වීම් පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන බවට නිරීක්ෂණය වී ඇති බවයි.
ඒ අනුව, එවැනි දැන්වීම් පළකරන පුද්ගලයින් හා ඒවා සකස් කරන, බෙදාහරින, සංසරණය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානය විශේෂ අවධානය යොමුකර තිබෙනවා.
එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පොලිස් මූලස්ථානය මගින් මේ වන විට උපදෙස් ලබාදී ඇති බව පොලීසිය සඳහන් කලා.
