පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ කමිටුව අද පස්වරුවේ මුල් වරට රැස්වීමට නියමිතයි.
කමිටු සාමාජිකයෙකු නිව්ස් රේඩියෝවට තහවුරු කළේ පස්වරු 3 යි 30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදි කමිටු සාමාජිකයන් රැස්වන බවයි.
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට තවත් සාමාජිකයන් 10 ක් ඇතුලත්. .
අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ – බන්ධුල ගුණවර්ධන – වාසුදේව නානායක්කාර රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර යාපා මහතා ආණ්ඩුපක්ෂය නියෝජනය කරමින් කමිටුවේ සාමජිකයින් කටයුතු කරන අතර රංජිත් මද්දුමබණ්ඩාර – ගයන්ත කරුණාතිලක – විජිත හේරත් – එම් ඒ සුමන්දිරන් – රවුෆ් හකීම් යන මන්ත්‍රිවරුන් විපක්ෂය වෙනුවෙන් කමිටුව නියෝජනය කරනවා.