සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ

    විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ

    රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

    රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

    මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

    BREAD NK JAYAWARDENA

    ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

    හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

    පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

පාර්ලිමේන්තුවේ නව මහලේකම් කුෂානි රෝහණදීර ධුරයේ රාජකාරී අරඹයි

Editor by Editor
2 weeks ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
පාර්ලිමේන්තුවේ නව මහලේකම් කුෂානි රෝහණදීර ධුරයේ රාජකාරී අරඹයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයට අභිනවයෙන් පත්වූ කුෂානි රෝහණදීර මහත්මිය සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (23) පෙරවරුවේ සිදුවිය.

නව ධුරයේ රාජකාරී ආරම්භ කිරීම සදහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි රෝහණදීර මහත්මිය, සහකාර මහලේකම්වරුන් වන ටිකිරි කේ ජයතිලක සහ හංස අබේරත්න යන මහත්වරුන් විසින් පිළිගන්නා ලදී.

‍කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ නව මහලේකම්වරිය නිල ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කොට ආශීර්වාද එක්කිරීම සිදු කළහ. ඉන්පසු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද, කථානායකවරයා විසින් සහතික කිරීමට නියමිත රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සත්‍ය පිටපතක් බව සහතික කරමින් ඇය පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයේ රාජකාරී ආරම්භ කළාය.

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා, රෝහණදීර මහත්මියගේ පවුලේ සාමාජිකයන්, පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අද පෙ.ව 9.30 පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කරමින් වේත්‍රධාරීවරයා පෙරටුකරගනිමින් කථානායකවරයා, මහලේකම්වරිය ඇතුළු ලේකම් මඩුල්ල සභා ගර්භයට ප්‍රවිශ්ට වූහ.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65(1) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ගරු ජනාධිපතිතුමා විසින් කාර්ය මණ්ඩල ප්‍රධානි සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, 2023 මැයි 23 දින සිට පාර්ලිමේන්තුවේ මහ ලේකම් තනතුරට පත් කර ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය දැරූ, ධම්මික දසනායක මහතා, එම ධුරයෙන් 2023 මැයි 23 දින සිට විශ්‍රාම ගිය බවද කථානායකවරයා නිල වශයෙන් දැනුම් දුන්නේය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හදාරා ඇති රෝහණදීර මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. එසේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LL.B.) උපාධිය ද හිමි ඇය නීතිඥවරියකි.

1999 වසරේදී පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයට එක්විය. අනතුරුව සහකාර ප්‍රධාන නිලධාරී, නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී, සහකාර මහලේකම්, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී යන තනතුරුවලට උසස්වීම් ලැබුවාය.

පාර්ලිමේන්තු සේවයට සම්බන්ධවීමට පෙර ඇය සම්පත් බැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරිනියක, පරිසර පදනමේ කනිෂ්ඨ විද්‍යාඥවරියක, ජාතික අධ්‍යාපන ආයතනයේ (දුරස්ථ අධ්‍යාපනික) අධ්‍යක්ෂවරයාගේ ලේකම්වරිය, ඉන්ෆොමැටික්ස් පෞද්ගලික ආයතනයේ මධ්‍යස්ථාන සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කර ඇත.

එසේම ඇය ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් ගණනාවක පාර්ලිමේන්තු ක්‍රියාදාමය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ පුහුණුවීම් ලබා ඇත.

නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා සමග විවාහ වී සිටින ඇය ඉවුම් පිහුම් කටයුතු සහ ගායනයට ප්‍රිය කරන දරුවන් තිදෙනෙකුගේ මවකි.

Editor
Editor
Tags: කුෂානි රෝහණදීර
Previous Post

රත්‍රං තොගයක් සමග මන්ත්‍රීවරයෙකු කටුනායකදී රේගු භාරයට

Next Post

IMF ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී

Editor

Editor

Related Posts

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ
දේශීය

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ

by Editor
June 7, 2023
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්
දේශීය

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්

by Editor
June 7, 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්
දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට ඇප

by Editor
June 7, 2023
BREAD NK JAYAWARDENA
දේශීය

ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

by Editor
June 7, 2023
හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්
දේශීය

පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

by Editor
June 7, 2023
Next Post
ශ්‍රී ලංකා එකගතා සම්බන්ධයෙන් IMF නිල ප්‍රකාශය අද

IMF ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In