රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක පිළිස්සී මිය යාමේ සිදුවීම හා සම්බන්ධ සියලු සිදුවීම් යටපත් වීමට ඉඩ නොදිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි අවධාරණය කරනවා.
මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ රටක නීති සම්පාදනය කරන ස්ථානයක එවැනි සිදුවීම්වලට සම්බන්ධ අය වේනම් වහාම නෙරපා දැමිය යුතු බවයි.