පාර්ලිමේන්තුවට බලය පවරා ජනාධිපතිවරයා වහාම ඔහුගේ මව් රටට යා යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් සිදු කරමින් රණවක මහතා කියා සිටියේ රටපුරා සෑම තැනකම උද්ඝෝෂණ රැල්ලක් ඇති වෙමින් පවතින බවයි.
රටේ සියලූ දෙනාටම අතිශය භයානක වන්දියක් ගෙවීමට සිදුවී ඇති බවද මන්ත්රීවරයා සදහන් කළා.
