අද බස් රථ ධාවනය සිදුවන්නේ ඉතාමත් සීමීත ප්‍රමාණයක් බව සමස්ත ලංකා පුද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.
ඒ අනුව දිවයින පුරා ප්‍රදේශ කිහිපයක ඉතා සුලු ප්‍රතිශතයක බස් රථ ධාවනයක් සිදුවනු ඇති බවයි සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ.
මේ අතර අද දිනයේදී ලංගම බස් රථ කිසිවක් ධාවනයට යොදවා නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ පණ්ඩුක ස්වර්ණහංස මහතා සදහන් කළා.
කෙසේ නමුත් හෙට දිනයේ සිට බස් ධාවනය පෙර පරිදිම සිදුවන බවයි පණ්ඩුක ස්වර්ණහංස මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ.
