පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව නැවතත් ඔහු වෙත ලබාදීමට අධිකරණය අද තීරණය කලා.
ඒ ලබන වසරේ පෙබරවාරි මාසයේදී තමන්ට ඔස්ටේ්‍රලියාව වෙත සංචාරය කිරීමට අවශ්‍යව ඇති බව දන්වමින් නීතිඥවරයෙකු හරහා මන්ත්‍රීවරයා සිදුකල ඉල්ලීමක් අද සැලකිල්ලට ගත් අවස්ථාවේදීයි.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය ලබාදුන් බවයි නිව්ස් රේඩියෝ අධිකරණ වාර්තාකරු සදහන් කලේ.
රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලවයි මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගෙන තිබුණේ.