ඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ, සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව එම නව බලවේගය බිහිකරන බවය.
බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.
“අපි බලනවා ඉදිරි කාලයේදී මේ රටට ගැලපෙන මධ්‍යස්ථ, ඒ වගේම ප්‍රායෝගික වැඩක් කරන්න පුළුවන්. මේ රටේ විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේ පිරිස්වල, තරුණ පරපුරේ විශ්වාසය දිනාගත්ත දේශපාලන පක්ෂයක් රටට හඳුන්නලා දෙන්න.
පක්ෂයක් කියන්නේ දැන් මිනිස්සුන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා. අද රටට අවශ්‍යයි පාර්ලිමේන්තුව තුළ මධ්‍යස්ථ බලවේගයක් මේ රට වෙනස් කරන්න.
පළමුව එළියේ තිබෙන මහජන මතය පාර්ලිමේන්තුව තුළ මැතිවරණයකින් තොරව කරන්න පුළුවන් නියෝජනයක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ 108ක් විපක්ෂයේ ඉන්නවා. ඒක 113 කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා. වැදගත් ගමනක් ඉදිරියට යන්න. රාජපක්ෂවරුන්ගේ හිරකාරයෙක් නොවී.”
