පකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ මෘත දේහයේ අවශේෂ කොටස් ලාහෝර් ගුවන් තොටුපල වෙත රැගෙන විත් තිබෙනවා.
ලාහෝර් සිට ඒවා රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 186 දරන ගුවන් යානය එරට වේලාවෙන් දහවල් 12 යි 30 ට එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01 ට පමණ පිටත් වීමට නියමිතයි.
එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05.00 ට පමණ කටුනායකට පැමිණීමට නියමිත අතර පසුව ඔහුගේ ළගම ඥාතීන් වෙත දේහය භාරදීමට නියමිතව තිබෙනවා.
අනතුරුව එය මීගමුව රෝහල වෙත රැගෙන ගොස් අදාළ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව දේහය ගණේමුල්ලේ පිහිටි ප්‍රියන්ත කුමාර මහතාගේ නිවස වෙත රැගෙන යනු ඇති.
ඒ අනුව බොහෝ දුරට ලබන බදාදා දිනයේදී අවසන් කටයුතු සිදුකෙරෙනු ඇතැයි පවුලේ ඥාතීන් සඳහන් කලා.
