පකිස්ථානයේ සියල්කොට්හි දී සාහසික ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන ඇති පිරිසෙන් තවත් සැකකරුවන් 18 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
පකිස්ථාන පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණයක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.
මෙම සැකකරුවන් 18 දෙනා නැවතත් ලබන 28 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙසටද අධිකරණය නියෝග නිකුත් කර තිබෙනවා.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සමස්ථ පිරිස 52 ක්.
සිද්ධියට සම්බන්ධ වූ පකිස්ථානුවන් 800 ත් 900 ත් අතර පිරිසකට එරෙහිව, ඝාතනයට තැත්කිරීම / ඝාතනයට ක-ුමන්ත්‍රණය කිරීම / පුලුස්සා මරා දැමීම සහ ත්‍රස්තවාදය පැතිරවීම යන චෝදනා යටතේ නඩු ගොණු කරඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.