උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විභාගය පැවැත්වෙන ලබන 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් කාලය ආවරණය වන පරිදි එළඹෙන සිකුරාදා සිට මාර්තු මස 06 තෙක් පාසල් නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
එහෙත් එම කාලය තුළ ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව මෙම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී ප්‍රාථමික ශ්‍රේණි හා ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබානොදෙන නමුත්, විභාග වාතාවරණය පවත්වාගෙන යාමට බාධාකාරී පාසලක් වේ නම්, අදාළ විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එවැනි පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබාදීමට පළාත් පාලන අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරන බව ද, එම කාලය තුළ එවැනි පාසල් සඳහා අදාළ පැවරුම් නිර්දේශ කොට, ඉගෙනුම් ක්‍රමවේද යොදා ගන්නා ලෙසට ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
එමෙන්ම විභාග රාජකාරි කටයුතු සඳහා පත්කර ඇති ගුරුවරුන් ඒ සඳහා යොමු කිරීමට ද පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලූම පාසල්වල විදුහල්පතිවරු, කලාප,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙනවා.