පාස්කු බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඍජුවම වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් වගකීමෙන් යුතු ව පසුගිය දිනෙක කළ ප්‍රකාශය සම්බන්ධව කඩිනම් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පියතුමන්ලා පිරිසක් විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් භාරදීමට නියමිතව තිඛෙනවා.
අද පෙරවරු 10.00 ට එම පැමිණිල්ල භාර දෙන බවයි කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ කාර්යාලය නිවේදනය කලේ.