කොවිඩ් වසංගතය හමුවේ පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙනයාමේදී පිළිපැදිය යුතු උපදෙස් උල්ලංඝණය කරමින් පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ කටයුතු කරන්නේනම් යළිත් වරක් පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය හැකි බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාඅනතුරු අගවනවා.
එබැවින් ආසන ප්‍රමාණයට පමණක් මගීන් නංවා ගැනීම ඇතුලු සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන ලෙසයි ඔහු බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට දැනුම් දෙන්නේ. මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදී දිලුම් අමුණුගම මහතා මේ බව කියා සිටියා.
රාජ්‍ය සේවකයින් සේවයට පැමිණීමට අදාලව නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුගත වෙමින් හෙට සිට බස් රථ ධාවන කාලසටහන්ද සංශෝධනය කර ඇති බවත් මගී තදබදය අවම වන ආකාරයෙන් එය සිදුකරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළා.