කොවිඩ් වෛරසයේ විශේෂ අවධානයක් දිය යුතු ප්‍රභේද හඳුනාගැනීම සදහා ලෝකයේ පවතින විශේෂිත පීසීආර් පරීක්ෂණ ක්‍රමවේදය හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවේද ස්ථාපිත කලයුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
නව ප්‍රභේද හදුනාගැනීම සදහා කිසිදු සහයෝගයක් රජය පාර්ශවය මගින් නොලැබෙන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට කරුණු පැහැදිලි කල සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා.
මේ වනවිට නව ප්‍රභේද හදුනාගැනීම සදහා යම් මට්ටමකට හෝ පරීක්ෂණ සිදුකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ඇති අවධානය පිළිබදවද රවී කුමුදේශ් මහතා අප්‍රසාදය පළකලා.